Feb 07, 2019

අගමැති පියවරක් පසුබසි :ජාතික ආණ්ඩු යෝජනාව කල් දමයි !

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. ඒ, එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත්‍රීයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවය.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් ජාතික ආණ්ඩු යෝජනාවට විරෝධය පළ කිරීම මෙම තීරණයට හේතු වී තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී සාකච්ඡා කර එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ.

අමාත්‍ය ධුර වැඩි කර ගැනීම නොව ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර බාධාවකින් තොරව කටයුතු කිරීම වැදගත් බව එම පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ අද දිනයේදීය.

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද (07 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ස්ථාවර නියෝග අත්හිටුවා ජාතික ආණ්ඩුව පිළිබඳව විවාදය අද (07 දා) දිනයේම පවත්වා සවස ඡන්ද විමසීමක් සිදුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී ඊයේ (06) තීරණය කර තිබිණ.

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කීරීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡුා කළ අවස්ථාවේදී විපක්ෂයේ සියලූම පක්ෂ විරෝධතාවයන් දක්වා ඇති බවද වාර්තා වේ.

සබැඳි පුවත් :

ජනපති - අගමැති ගැටුම උග්‍රවේ : 'ජාතික ආණ්ඩු හැදුවත් කැබිනට්ටුවට 30ක් පමණයි' - ජනාධිපති

ජාතික ආණ්ඩු යෝජනාවට TNA සහයක් නැහැ ! 

ජාතික ආණ්ඩුවට විරුද්ධ බව ජනපති කියයි !

ජාතික ආණ්ඩුවට එකතුවන්නැයි අගමැතිගෙන් ඇරයුම්

ජාතික ආණ්ඩුවක් හදන්නේ ඇයි ? - ආණ්ඩුවේ ස්ථාවරය මෙන්න 

ජාතික ආණ්ඩු යෝජනාව 7දා පාර්ලිමේන්තුවට :පක්‍ෂ 3ක් එක්වේ !

ළඟදීම ජාතික ආණ්ඩුවක්: යෝජනාව පාර්ලිමේන්තුවට !

ජාතික ආණ්ඩුවක් පිලිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට !

එජාප පසුපෙළ ජාතික ආණ්ඩුවකට විරුද්ධයි ! 

ආයෙත් ජාතික ආණ්ඩුවක්!

ජාතික ආණ්ඩුවක් ගැන තීරණය ලබන සතියේ 

''ජාතික ආණ්ඩුවකට උත්සාහ කළොත් එය පරාජය කරනවා'' -ජවිපෙ 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top