Feb 07, 2019

අමල්ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන නැහැ ! (Update)

(Update) - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගායන ශිල්පි අමල් පෙරේරාගේ සොයුරා අත්අඩංගුවට ගෙන ඇතැයි පලවන වාර්තා අසත්‍ය වේ.

තම සොයුරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස ඊයේ (07) පස්වරුවේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කල නමුත්, එහිදී කිසිවකු අත්අඩංගුවට ගැනීමක් නොකළ බව ගායන ශිල්පි අමල් පෙරේරාගේ සොයුරා මාධ්‍යවෙත ප්‍රකාශකර තිබේ.

කෙසේවුවද අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා බවට සැකකෙරෙන හිස් කොපු දෙකක් සොයාගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා ද සහභාගී වී තිබු අතර ඔවුන් සියලු දෙනා එහිදී අත්අඩංගුවට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

.......................................................................................................

අමල්ගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි - සොහොයුරන් අත්අඩංගුවට

ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූළු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට ඇත.

එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා හිස් කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබේ.

පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සහ අමල් පෙරේරාගේ සොහොයුරාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන් රොයෙන් සහභාගී වී තිබුණි.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top