Feb 08, 2019

පොහොට්ටුවේ ජනපති තේරීමේ රැස්වීම බැසිල් මගහැරලා ! Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නායකයන්ගේ රැස්වීමක් ඊයේ (07) ජී.එල්.පීරිස් මහතාගේ නිවසේ පවත්වා ඇති අතර එය එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මඟහැර ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, මේ රැස්වීම බැසිල් මහතා මඟහැර ඇත්තේ එම පක්ෂයේ ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට ඊයේ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබූ බැවින් බවද වාර්තා වේ.

එහිදී, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන දෙදෙනා පොහොට්ටු ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සූදානමින් සිටි බවද වාර්තා වේ.

පීරිස් මහතාගේ නිවසේ පැවැති මේ රැස්වීමට දින නියමකරගෙන ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී බවද පැවසෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමෙන් පසුව පොහොට්ටුවේ ද ජනපති අපේක්ෂකයා නම් කිරීමට මේ සකච්ඡාව යොදාගෙන ඇති බවද පැවසේ.

කෙසේවුවද, මහින්ද රාජපක්ෂ මහතා අදාළ රැස්වීම යොදාගත් වේලාවට ද පෙර ජී.එල්. පීරිස් මහතාගේ නිවසට පැමිණ සිටි බවද වාර්තා වේ. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top