Feb 08, 2019

ඥානසාර හිමිගේ බරපතල වැඩ සහිත සිර දඬුවම අත්හිටුවයි

තමන්වහන්සේට ලබාදුන් මාස හයක සිර දඬුවමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගොනු කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කළ හෝමාගම මහාධිකරණය උන්වහන්සේට එරෙහිව තිබූ මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම අත්හිටුවීමට කටයුතු කළේය.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මාස හයක සිර දඬුවමක් පැනවීමට හෝමාගම මහාධිකරණය පසුගිය ජුනි මාසයේදී කටයුතු කළේය.

කෙසේ වෙතත් උන්වහන්සේ ඒ සමබන්ධයෙන් ඇපෑලක් ඉදරිපත් කළහ.

කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උන්වහන්සේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top