පසුගිය 25 දා මාලි හිදී ක්ලේමෝ ප්‍රහාරයට ලක්වූ ලංකාවේ සංක්‍රමික රථය පසුගිය 25 දා මාලි හිදී ක්ලේමෝ ප්‍රහාරයට ලක්වූ ලංකාවේ සංක්‍රමික රථය
Feb 10, 2019

ජනපති මැදිහත් වී මාලි සෙබළුන්ට ජෑමර් යන්ත්‍ර යවයි !

ආරක්ෂක අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලක් නිසා අවුරුදු එකහමාරක් තිස්සේ ජිවිත අවදානම් මැද කරගෙන ගිය මාලිදේශයේ සාම සාධක මෙහෙයුම් වල නිරත භටපිරිස් වල ආරක්ෂාව ට වහාම පාකිස්තානයෙන් ජෑමර් යන්ත්‍ර මිලදීගෙන මෙම සතියේ ම යැවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත .

මාලී දේශයේ සාම සාධක කටයුතු සදහා ගිය ශ්‍රී ලංකා භට කණ්ඩායම රැගත් සංග්‍රාමික රථ පෙල ඉලක්ක කරමින් ඩුවෙන්සා කාන්තාරයේදී පසුගිය 25 දා එල්ලවු රිමෝට් ක්ලේමෝ ප්‍රහාරයකින් කපිතාන් දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් සමන්ත විජේකුමාර මියගිය අතර සෙබලුන් සිව්දෙනෙකු තුවාල ලදහ.

මේ සමග හෙලීවුයේ මාලී දේශයේ සාම සාධක මෙහෙයුම් වල නිරත භටපිරිස් ඉලක්ක කරගෙන එරට ත්‍රස්තවාදීන් එල්ල කරන රිමෝට් ක්ලේමෝ ප්‍රහාර අක්‍රිය කර හැකි ජැමර් යන්ත්‍ර මාලී මෙහෙයුම ආරම්භයේ පටන් පාකිස්තානයෙන් මිලදී ගන්නට ටෙන්ඩර් කැදවා සියලු කටයුතු යුද හමුදාව අවසන් කර ඇතත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරුන්ගේ නොසැලකිල්ලෙන් එය මිලදීගෙන නැති බවය.
 
මාලී දේශයේ සිට්න දෙසීයක  සෙබළුන්ගේ    ආරක්ෂාව අනතුරට ලක්ව ඇති බව අප අනාවරණය කලේ ඒ අනුවය.

මේ අනාවරණයන් සමග වහාම අනෙකුත් සාම සාධක මෙහෙයුම් වල නිරත භටපිරිස් වල ආරක්ෂාව සදහා පාකිස්තානයෙන් ගන්නා ජැමර් යන්ත්‍ර අටක් ජනපතී නියෝග මත පාකිස්තානයේ සිටම මාලී දේශය වෙත යැවීමට කටයුතු යොදා තිබූ බව වාර්තා වේ.
 
ඉකුත් සිකුරාදා (08) වනවිට එවා මාලී දේශයේ ශ්‍රී ලංකා භට කණ්ඩායම වෙත යැවීමට කටයුතු සූදානම්ව තිබූ බවද මේ අතර වාර්තා වේ.

දුරස්ථ පාලක (රිමෝට් )ක්ලේමෝ ප්‍රහාර ජංගම දුරකථන හා වාහන වල දොරවල් විවෘත කරන රිමෝට් සෙන්සර් යොදාගෙන  එල්ල කරන  අතර මාලී දේශයේ ත්‍රස්තවාදීන් ගේ එම ඉලක්ක සපුරා ගත නොහැකි ලෙස තරංගවලට බාධා කරන ජැමර් අනෙක් රටවල සාම සාධක මෙහෙයුම් වල නිරත භටපිරිස් භාවිතා කරන්නේ ය.
 
මෙරට සෙබළුන් වසර එකහමාරක් තිස්සේ ජිවිත අවදානම් මැද මෙම මෙහෙයුමේ නිරත වු අතර එක් වරක කිලෝ 38ක ක්ලේමෝ ප්‍රහාරයකින් බේරුනේ මුලින්ම ගමන් ගත් ඩබ්ලිව්.එම්.ඉසෙඩ් (WMZ) රථයේ ගමන් කල සෙබළුන් එය කල්තියා හදුනාගෙන ඇති නිසාය.

ඉකුත් 25දා ප්‍රහාරය සමග නැවතී ඇතී සංග්‍රාමික රථ මෙහෙයුම් නැවත ඊයේ (09) ආරම්භ කිරිමට සෙබළුන් ගේ මානසිකත්වය ඉහල නැංවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ්  සේනානායක මහතාගේ නියමයෙන් මේජර් ජෙනරාල් රුවන් කුලතුංග හා බ්‍රිගේඩියර් ප්‍රතාප් තිලකරත්න මාලී දේශය බලා පිටත් කර හැර ඇතැයි ද මේ අතර වාර්තා වේ.
 
මාලි ගිය සෙබළුන්ට ජෑමර් නොදී ආරක්ෂක අමාත්‍යංශය සිදුකරන කඹ ඇදිල්ල සම්බන්ධයෙන් "ආරක්ෂක අමාත්‍යාංශය කඹ ඇදිල්ලක : මාලි ගිය හමුදා සෙබළු අනතුරේ” සිරස්තලය යටතේ මුලින්ම හෙළි කළේ ශ්‍රී ලංකා මිරර් විසිනි.
Screenshot 85

- තිස්ස රවින්ද්‍ර පෙරේරා
 සබැඳි පුවත්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top