Feb 10, 2019

රිෂාඩ්, ලසන්තගෙන් බිලියනයක වන්දියක් ඉල්ලලා !  

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන ලසන්ත වික්‍රමසිංහ මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එන්තර වාසියක් යවා තිබේ.
 
ඒ වියට්නාමයෙන් ගම්මිරිස් ලංකාවට ආනයනය කර ඒවා ලංකාවේ නිෂ්පාදිත ඒවා බව පවසමින් බදු සහන ලබාගෙන ඉන්දියාව ඇතුලු රටවලට අපනයනය කිරීමේ ජාවාරමක රිෂාඩ් අමාත්‍යවරයා හා ඔහුගේ සොයුරා සම්බන්ධ බවට ලසන්ත වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
 
පසුගිය දිනවල රේගු අධ්‍යක්ෂවරිය එම තනතුරින් ඉවත්කිරීමේ ක්‍රියාවලියට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇතිබවත් එයට ආසන්නම හේතුව ලෙස මෙම ආනයනික ගම්මිරිස් තොගය හා සිදුවීමක් සම්බන්ධ බවටත් අමාත්‍යවරයාගේ සොහොයුරෙකු මෙම ව්‍යාපාරය පසුපස ඇතිබවත්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන පුද්ගලයා විසින් පසුගිය 06 වැනිදා වෘත්තිකයන්ගේ ජාතික පෙමුණ කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී පවසා තිබිණි.
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top