Feb 11, 2019

ඉන්ධන මිලේ වෙනසක් !

ඉන්ධන මිළ සූත්‍රයට අනුව සංශෝධිත නව ඉන්ධන මිළ ගණන් අද (11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

සෑම මසකම ඉන්ධන මිළ ගණන සංශෝධනය වන අතර අවසන් වරට පසුගිය මස 10 වැනිදා ඉන්ධන මිළ ගණන් සංශෝධනය කෙරුණි.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිළ රුපියල් 2කින් සහ සුපිරී ඩීසල් ලීටරයක මිළ රුපියල් 3කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.

මෙම ඉන්ධන මිළ ගණන් සංශෝධනය කෙරුණු අවස්ථාවේ ලෝක වෙළඳපොලේ බොර තෙල් ලීටරයක මිළ ඩොලර් 59ක් ලෙස සටහන් වූණි.

කෙසේ වෙතත් මේ වන විට බොරතෙල් බැරලයක මිළ අමෙරිකානු ඩොලර් 62ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top