Feb 11, 2019

මැණික් තොගයක් සමඟ දෙකක් රිමාන්ඩ් (ඡායා)

බලපත්‍රයක් නොමැතිව මැණික් ඉල්ලම් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සමඟ වෑන් රථයක් හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් දික්ඔය ප්‍රදේශයේ සිට හැටන් නොර්වුඩ් දක්වා මෙම මැණික් ඉල්ලම් තොගය සැකකරුවන් විසින් ප්‍රවාහනය කරමින් සිටියදී කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රි 7 ට පමණ හැටන් දික්ඔය නගරයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

නොර්වුඩ් මහ මාර්ග කාර්යාලයට අයත් දික්ඔය නගරයේ පිහිටි නිල නිවස පිටුපස හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ ආසන්නයේ විශාල වලවල් කපා මැණික් ඉල්ලම් සැකකරුවන් දෙදෙනා ගොඩගෙන ඇති බව වැටලීම සිදු කළ කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නොර්වුඩ් මහ මාර්ග කාර්යාලයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරියෙකු ද සිට ඇත. මෙම වැටලීමේදි සැකකරුවන් විසින් ප්‍රවහනය කරමින් සිටි මැණික් ඉල්ලම් තොගයක් , මැණික් ඉල්ලම් ගොඩ ගැනිමට භාවිතා කළ උපකරණ රැසක් සහ ජලය ඉසින මෝටරයක් අත්අඩංගුවවට ගෙන ඇත.

මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් තොගය නොර්වුඩ් ප්‍රදේශයට ප්‍රවහනය කර නොර්වුඩ් වතු ක්‍රිඩාංගණයේ නීත්‍යානුකූලව මැණික් ඉල්ලම් සේදීමට ජාතික මැණික් හා ස්වාර්ණාභරන අධිකාරියෙන් බලපත්‍රයක් ලබාගෙන අදාළ ඉල්ලම් තොගය සේදීමටයි සැලසුම් කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (11) හැටන් මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top