Feb 11, 2019

අම්මගෙයි දුවගෙයි කුඩු අල්ලන්න දොස්තරත් ඕන වෙලා

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට මුල්ලිපුරම් ප්‍රදේශයේ සිදුකරනු මහා පරිමාණ මත් ජාවාරමක් සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී නීති විරෝධි හෙරොයින් ජාවාරමේ නිරතව සිටි මවක් සහ දියණියක් පොලිසිය විසින් අත්අඩංගුයට ගෙන තිබේ.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකාර මව සහ දියණිය වසර ගණනාවක සිට ඉතා සූක්ෂම ලෙසස මෙම නීති විරෝධි හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇත.

මීට පෙර පුත්තලම පොලිසිය මඟින් ඇයව නීති විරෝධි හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාස 06ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර පසු ගිය සතියේ නිදහස ලබා නැවත පැමිණ සුපුරුදු පරිදි දියණියද, සමඟ නැවතත් ජාවාරමේ නිරතව සිටියදී පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගත්බව කියයි.

අදාළ සැකකාර කාන්තාව වයස අවුරුදු 40 සහ දියණිය වයස අවුරුදු 18 වියේ පසුවේ. මොවුන් සන්ථකයේ තිබී නීති විරෝධි හෙරොයින් ග්‍රෑම් 3ට ආසන්න ප්‍රමාණයක් මව සහ දියණිය විසින් ඔවුන්ගේ යෝනි ප්‍රදේශයේ ඉතා සූක්ෂ ලෙස පොලිතින් කවරවල බහා සඟවාගෙන සිට ඇත. පසුව අදාළ මව සහ දියණිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර මොවුන් සඟවා සිටි හෙරෝයින් තොගය වෛද්‍යවරුයෙකු ආධාරයෙන් ලබා ගත් බව පොලීසියේ උසස් නිලධාරියෙකු පවසන ලදි.

හෙරෝයින් සමඟ සයමස් හැවිරිදි දියණයක් මවක් පොලිසියට

මේ අතර පුත්තලම පොලිස් බල ප්‍රදේශයට මුල්ලිපුරම් ප්‍රදේශයේ සය මස් හැවිරිදි කුඩා බිළිදියක් සමඟ නීති විරෝධි හෙරොයින් ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් හොරොයින් මිලි ග්‍රෑම් 2140ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පුත්තලම දූෂණ මර්ධන වැටලීම් ඒකකයේ නිළධාරින් සමත්ව තිබුණි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව අදාළ හෙරොයින් තොගය ඉතා සූක්ෂම ලෙස තම තිසරු පටයේ සඟවාගෙන සයමස් හැවිරිදි දරුවා කර පින්නාගෙන සිඟමන් යදිමින් ජාවාරමේ නිරතව ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බව කියයි.

අදාළ සැකකාර කාන්තාව වයස අවුරුදු 35 වියේ පසු වන අතර ඇය වසර ගණනාවක සිට මෙලෙස සිඟමන් යදින මුවාවෙන් ප්‍රදේශයේ නම් දැරූ මතට ඇබ්බැහි වූවන්ට අලෙවි කර ඇති බවත්, ඇයට මෙම නීති විරෝධි හෙරොයින් ලැබෙන්නේ ලංකාවේ ප්‍රබල මත් කුඩු ජාවාරම්කරුවන්ගේ ආධාරකරුවන් මගින් බවත් ඇය පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

ඇය සන්ථකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 2140කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව තිබූ අතර, අදාළ හෙරොයින් තොගය සමඟ මව පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සිදුකරන බව කියයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එම්.අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක පෙරේරා, පොලිස් කොස්තාපල්වරුන් වන (47402) පද්මකුමාර, (31707) දසනායක, (34049) ආනන්ද, කාන්තා පොලිස් කොස්තාපල් (9962) මධූෂා යන නිලධාරිහූ පුළුල් විමර්ශන ආරම්භ කර තිබුණි.

සටහන සේයා රූ
ප්‍රියංකර කළුපහන - පුත්තලම

Heroine1 670px 19 02 11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top