Feb 11, 2019

ගමක් බිය වැද්දූ දැවැන්ත පිඹුරා තබ්බෝව අභය භූමියට

පුත්තලම වන ජීවි කාර්යාල බල ප්‍රදේශයට අයත් මැල්ලන්කුලම ප්‍රදේශයේ ගමක් බියවද්දමින් සැරිසැරූ දැවැන්ත පිඹුරෙකු පිළිබඳව වනජීවි නිලධාරින්ට ගම්මුන් විසින් කළ දැණුම් දීමකට අනුව අදාල පිඹුරා රැගෙන ගොස් තබ්බෝව රක්ෂිතයට මුදාහැරීමට වනජීවි නිලධාරින් කටයුතු කර ඇත.

මෙම යෝධ පිඹුරා ගම්මානයේ නිවසක් නිවසක් පාසා ගොදුරු සොයා සැරිසරමින් කුඩා දරුවන් බිය ගැන්වීම හේතුවෙන් ගම්මුන් විසින් අදාළ පිඹුරා පිළිබදව වන ජීවීයට දන්වා තිබේ.

අඩි දහයට ආසන්න දිගකින් සමන්විත මෙම පිඹුරා වයස අවුරුදු 10ට ආසන්න බව කියයි. පුත්තලම වන ජීවී පාලන ඒකකයේ ස්ථාන භාර නිලධාරී අඩවි ආරක්ෂක කේ .බී බණ්ඩාර මහතා අතුළු නිලධාරින් පිරිසක් මෙම පිඹුරා අල්ලා ගැනීමට සහභාගි විය.

සටහන සේයා රූ 

ප්‍රියංකර කළුපහන - පුත්තලම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top