Feb 11, 2019

යුධ හමුදාවෙන් හිසට සෙවණක් (ඡායා)

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ මැදිහත්වීම මත වවුනියාව හා වැලිඔය ප්‍රදේශයේ ස්ථිර නිවාස නොමැති පවුල් දෙකක් වෙනුවෙන් ස්ථිර නිවාස සැදීම වෙනුවෙන් මුල්ගල තැබීම ඊයේ(10) සිදුකරනු ලැබිණි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ සංකල්පයක් යටතේ වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේ පදිංචි නාගරාසා මූර්ති මහතා හා වැලිඔය,සපුමල්තැන්න ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක ප්‍රදීප් කුමාර මහතා වෙත ස්ථිර නිවාස සැදීමට මුල්ගල තැබීම එහිදි සිදුකරනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා අඥාපතිවරයාගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා 61 හා ‍61 සේනාංක නිලධාරීන් විසින් නිවාස සකස් කිරීමට නියමිතය.

නිවාස ඉදිකිරීමට මූල්‍ය දායකත්වය කැළණිය ප්‍රදේශයේ පදිංචි (විශ්‍රාමික) යුධ හමුදා නිලධාරි මේජර් ශාන් ප්‍රනාන්දු මහතා විසින් හා කොළඹ 03, රාජා ජුවලස් අධිපති අතුල එළියපුර මහතා සහ එහි කාර්ය මණ්ඩලය විසින් දරනු ලබති.

නිවාස ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජෙ .තිලකරත්න මහතා, 621 බලසේනාධිපති කර්නල් ආර්.ඒ.ඩි.එස්. ශාන්ත රණවිර මහතා, වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස් මහතා,ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top