Feb 11, 2019

පොඩි මිනිහට තට්ටු කරන අලුත්ම බැංකු ප්ලෑන Featured

අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ.

ඒ අනුව රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කෙරෙන බවද වාණිජ බැංකු කියයි.


සාමාන්‍ය අවම ශේෂය රුපියල් 1000 හෝ ඊට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යාම අපහසු හෙයින් මෙම පියවර ක්‍රියාත්මක කරන බවද වාණිජ බැංකු සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 1000ක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් මාස 40න් අහෝසි වී යන අතර අතරමැදදී ඊට මුදල් බැර කළ හොත් ගිණුම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මත කෙරෙන බවද වාණිජ බැංකු කියයි.

කෙසේ වෙතත් වාණිජ බැංකු විසින් ගනු ලැබූ මෙම තීරණය විශ්‍රාමික බැංකු නිලධාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. දුප්පත් මිනිසෙකුට බැංකු ගිණුමක් පවත්වා ගැනීමට ඇති ඉඩකඩ මෙයින් ඇහිරෙන බව ඔවුන් පෙන්වා දෙයි. මේ හේතුවෙන් මෙම ගිණුම් හිමියන් ග්‍රාමීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවල තම මුදල් තැන්පත් කිරීමට පෙළඹ ඇති බවද ඔවුන් පවසයි.

ලොව බහුතරයක් රටවල් තම ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ දුප්පතා නඟා සිටුවීමට ක්‍රියා කළද මෙරට සිදුවන්නේ තව දුරටත් දුප්පතා සූරා කෑම බව ඔවුන්ගේ අදහස් වී තිබේ.

මේ වන විට මෙරට ඇති බැංකු සම්බන්ධව ජනතා විශ්වාසය පළුදු වී ඇති බවත් එය පසුගිය දින කිහිපයේ සිදුවූ මූල්‍යමය චංචාවලින් මනාව පිළිබිඹු වන බවත් ඔවුන් කියා සිටී. මෙම සිදුවීම් අතර වාණිජ බැංකු විසින් කරනු ලබන මෙවැනි ගසාකෑම් හේතුවෙන් තව දුරටත් ගනුදෙනුකරුවන්ගේ විශ්වාස බිඳී යනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top