Feb 12, 2019

සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන් පසුවයි ! Featured

සම්පත් බැංකුව තුල සිදුවී ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාවන් සියල්ල සිදුවී ඇත්තේ බැංකු ගනුදෙනු වේලාවෙන් පසුව බවට අනාවරණය වූයේ යැයි රහස් පොලිසිය අධිකරණය වෙත දැනුම් දී තිබේ.

සම්පත් බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් කාලයක පටන් ගිණුම් හිමියන්ගේ කෝටි ගණනක මුදලක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ලබාගෙන විශ්වාසය කඩකර සාවද්‍ය පරිහරණය කර ඇතැයිද රහස් පොලිසිය සාක්ෂි සහිතව අධිකරණය වෙත දැනුම් දී තිබේ.

මෙරට සහ ජාත්‍යන්තර කීර්තියට පත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කැළුම් වීරසිංහ මහතා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සම්පත් බැංකු වංචාවේ සුලමුල සොයා ගැනීමට රහස් පොලිසිය සමත් වී ඇත.

වංචාවට සම්බන්ධ ඔක්කොම බැංකුව ඇතුළේ

සම්පත් බැංකු වංචාවට අදාළ B 19430/18 දරණ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මෙසේ පැවසීය.

“ මෙම වංචාව බැංකු පද්ධතියම හොල්ලපු වංචාවක්.. මෙම වංචාවට සම්බන්ධ සියලු දෙනාම ඉන්නේ සම්පත් බැංකුව තුළයි. මෙම වංචාව බැංකුවේ ඉහල නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුකර තිබෙනවා. රහස් පොලිසිය දැනට අල්ලාගෙන ඇත්තේ බැංකුවේ කළමනාකරුවෙකු පමණයි. ඉදිරියේදී තවත් පුද්ගලයින් රැසක් අල්ලාගැනීමට ඉන්නවා…”

“ ඉතිහාසය ප්‍රථමවරට බැංකුවේ සේවය කරන පිරිසක්, බැංකු ගනුදෙනු වේලාවෙන් අනතුරුව සිදු කර ඇති කෝටි ගණනක වංචාවට සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතුයි.”

සබැඳි පුවත්

සම්පත් බැංකුවේ මූල්‍ය වංචාව ගැන CID යෙන් පුළුල් පරීක්ෂණයක් ! 

සම්පත් බැංකු වංචාව : බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි 

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top