Feb 12, 2019

අධික වර්ෂාවෙන් පුත්තලමේ ලුණු සේදෙයි (ඡායා)

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට දින දෙකක් පුරාවට ඇදහැලෙමින් පැවති අධික වර්ෂාපතය හේතුවෙන් පුත්තලමේ ලුණු කර්මාන්තට දැඩි බාධා එල්ල වෙමින් තිබෙන බවට එම කර්මාන්ත කරුවෝ මැසිවිලි නගති.

පුත්තලම, සෝල්ටන්, ආනකුත්තුව, සේවන්තිව්,මනතිව්, ඇතුළු තවත් ස්ථාන කිහිපයක මෙම වර්ෂාපතනය හේතුවෙන් ලුණු නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇන හිට ඇති බව කර්මාන්තකරුවන් පෙන්වාදෙයි.

පසුගිය මාස කිහිපය තුළද, පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා තිබූ ධාරාණිපාත අධික වර්ෂාවත් සමඟ ඇති වෙමින් තිබූ ජල ගැලීම් හේතුවෙන් තමන්ගේ ලුණු ලේවා ජලයයෙන් පිරී තිබීම හේතුවෙන් සිය ලුණු නිෂ්පාදන කටයුතු සිදුකර ගැනීමට අපහසුව ඇති බවත්, ලේවාවල නිෂ්පාදන වෙමින් තිබූ ලුණු බහුතරයක් ජලයට සේදී දියවී යාම නිසා තමන් දැඩි ලෙස පාඩු ලැබූ බවත් කියයි.

ඉකුත් දිනවල පුත්තලමට බලපා තිබූ අධික නියගය හේතුවෙන් තම කර්මාන්තය පසු ගිය දිනවලදී ඉහළ වශයෙන්ම ආර්ථික ලාභ ලැබු බව පවසන කර්මාන්තකරුවෝ වර්ෂාව හේතුවෙන් තමන්ට ඉතිරි අස්වැන්න නෙලා ගැනීමට නොහැකි ලෙස මෙලෙස වර්ෂාවෙන් බාධා පැමිණි ඇති බවද කියා සිටී.

සටහන සේයා රූ 
ප්‍රියංකර කළුපහන - පුත්තලම

Salt 670px 19 02 12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top