Feb 13, 2019

ජාන මංකොල්ලකාරයින්ට ඉතිහාසයේ ලොකුම දඩය ගහයි !

සිංහරාජ ලෝක උරුම වන රක්ෂිතය තුළ කෘමීන්, සමනළුන් හා වන සතුන් එක්රැස් කිරීමේ වරද පිළිගත් විදේශිකයි පස්දෙනෙකුට ලංකා ඉතිහාසයේ වනජීවී අපරාධ සඳහා නියම කරන ලද විශාලතම දඩ මුදල අද (13) රත්නපුර දිසා අධිකරණය නියම කළේය.

මෙසේ දඩ නියමවූයේ ස්ලෝවැකියානු ජාතිකයින් පස්දෙනෙකුට වන අතර ඔවුන්ට නියමවූ දඩ මුදල වූයේ රුපියල් එක්කෝටි අටලක්ෂ හතලිස් දහසකි.

රත්නපුර අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන් මහතා විසින් මේ දඩය නියම කළ අතර වරදකරුවන් විසින් ජාන මංකොල්ලක් සිදු කර ඇති බවට මෙහිදී චෝදනා ගොනුකර තිබිණි.

මොවුන් විසින් මෙසේ එක් රැස්කරන ලද සතුන් ජාතික කෞතුකාගාරයට බාරදෙන ලෙස වන රක්ෂණ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ සඳහා අධිකරණය අවසරද ලබා දුන්නේය.

මෙය අතිවිශාල දඩ මුදලක් වීම හේතුවෙන් වැරදිකරුවන්ට අදාළ දඩ මුදල අද (13) දිනයේ ගෙවා ගැනීමට නොහැකි වී ඇති අතර ඔවුන් හෙට (14) දක්වා රිමාන්ඩ්භාරයට පත්කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top