OPEN

#

OPEN

#

Feb 18, 2019

ජනාධිපති ලේකම් කාර්යාලයේ අයෙක් කුඩු සමඟ මාට්ටු

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන රියදුරෙකු සහ තවත් අයෙකු මත්කුඩු ග‍්‍රෑම් එකයි මිලිග්‍රෑම් විස්සක් සමග අරලංගවිල වැව අසළ දී ඊයේ (17දා) දින පස්වරුවේදී අත්අඩංගුවට අයත් බව අරලගංවිල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල බෝගස්වැව ප‍්‍රදේශයේ සහ අරලගංවිල නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

එක් පුද්ගලයෙකු කොළඹ ජනාධිපති ලේකම් කාරයාලයේ රියදුරෙකු ලෙස සේවය කරන අතර අනිත් තැනැත්තා කොළඹ ප‍්‍රදේශයේම ත්‍රීවීල් රථ රියදුරෙකු ලෙස සේවය කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් සහ මත්කුඩු අද (18දා) මනමිපිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව අරලගංවිල පොලිසිය කියයි.

ඩබ්.ඒ. පියතිලක - හිඟුරක්ගොඩ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top