Feb 18, 2019

පරීක්ෂාවේදී රැඳවියෙකු සිම් කාඩ්පත් ගිලියි

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු සතුව තිබී සිම් කාඩ්පත් දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා එම රැදවියෙක් වැලිකඩ බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

එහිදී අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන මුරපොලේදී සිදුකල පරීක්ෂාවකදී ඔහු සතුව තිබී සිම් කාඩ්පත් සොයාගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

පරීක්ෂා කරන අවස්ථාවේදී එම පුද්ගලයා විසින් සිම් කාඩ්පත් ගිලදමා ඇති බව වාර්තා වේ.

ඔහු මේ වන විට සැකසහිත රැඳවූවන් රඳවා තබන ආරක්ෂක ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top