Connect with us

පුවත්

18 වංගුවේ වැසූ කොටස යළි අරියි

Published

on

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (19දා) නාය යාමට ලක්වූ මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ කොටස ගමනාගමනය වෙනුවෙන් අද (20) පෙරවරුවේ විවෘත කර තිබේ.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කළ ස්ථානීය නිරීක්ෂණය අනුව එම මාර්ගය මේ වන විට දැඩි අවදානම් නොවන නිසා වාහන ගමනාගමනය වෙනුවෙන් යළි විවෘත කළ බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පැවසීය.

කෙසේ වුවත් අධික වැසි අවස්ථාවලදී එම මාර්ගයේ තව දුරටත් පස් කදු කඩා වැටමේ අවදානමට ලක්විය හැකි බැවින් රියදුරන් පරීක්ෂාකාරී විය යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

පුවත්

පූජිතට හා හේමසිරිට මහාධිකරණයෙන් නියෝගයක්

Published

on

By

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් අද (22) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. 

පාස්කු ඉරුදින, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.

අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්, විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ගේ විත්ති වාචක කැඳවීමට පියවර ගන්නා ලෙස ඉකුත්දා නියෝගයක් නිකුත් කර තිබුණි. 

ඒ අනුව අදාළ නඩුව අද නාමල් බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

ඒ අනුව ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නඩු තීන්දුව විත්තිකරුවන්ට කියවා දෙනු ලැබීය. 

ඒ අනුව මෙම නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි විමසන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව මගින් දැනුම් දී ඇතැයි ද විනිසුරුවරු විසින් විත්තිකරුවන්ට දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව නඩුව ලබන 28 වනදා කැඳවීමටද නියෝග කළේය.

Continue Reading

පුවත්

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි

Published

on

By

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (22) රැස් වූහ.

සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණයි. 

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

සෘජු පරිභෝජනයට මෙන්ම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි මානව පරිභෝජනයට අදාළ සියලු කර්මාන්ත සඳහාද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම රජයේ සංවර්ධිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සලකා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. 

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා කමිටු සාමාජිකයින්ට මෙහිදී උපදෙස් දෙන ලදී. 

ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ  නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී අවධානයට ලක් විය.

ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරිණි.

අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading

පුවත්

වරෙන්තුකරුවන්  2,561 දෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමස්ත දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කර තිබෙන පොලිස් වැටලීම් අනුව අධිකරණය මගින් වරෙන්තු නිකුත් වී සැඟව සිටි වරෙන්තුකරුවන්  2,561 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව අපරාධවලට ඍජුව සම්බන්ධ පුද්ගලයන් 167 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත දිවයිනේ පොලිස් ස්ථාන 607ම සහ අනෙකුත් විශේෂ අංශයන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

අපරාධ වැළැක්වීම, මත්ද්‍රව්‍ය නිවාරණයන් සහ අපරාධ සඳහා ඍජුව සම්බන්ධබවට හදුනාගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සඳහා ජනවාරි 12වනදා මෙම මෙහෙයුම ආරම්භ කළේය.

ඒ අනුව ගත වූ දින 10 තුළ සිදුකරන ලද කටයුතු වල ප්‍රගතිය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකී මේ බව පැවසීය.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන අපරාධ වැළැක්වීමේ මෙහෙයුම යටතේ පසුගිය ජනවාරි 12 සිට මේ දක්වා ගත වූ දින 10 තුළ පුද්ගලයන් පරීක්ෂා කිරීම් එක්ලක්ෂ 72,877 සිදුකර ඇත.

එහිදී ගිනි අවි 06ක් සිය භාරයට ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඒ අතර ටී-56 3ක් හා පිත්තෝල 3ක් වේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය මෙහෙයුම යටතේ කේරල ගංජා කිලෝ 462ක්, 
හෂීශ් කිලෝ 15ක් හා අයිස් කිලෝ 8ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මීට අමතරව වාහන 64,258ක් පරීක්ෂාකර ඇත.

මෙය සාමාන්‍ය රථවාහන නිලධාරීන් සිදුකරන රථවාහන මෙහෙයුම්වලට අමතරව සිදුකරන ලද මෙහෙයුම්ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved