Feb 20, 2019

ලිඳුලේ ඇළක තරුණ මළ සිරුරක් (ඡායා)

තලවකැලේ ලිඳුල පොලිස් වසමට අයත්, උවකැලේ තේ වතුයායට ඉහලින් වූ උවකැලේ රක්ෂිතයේ තිබී සොයාගත් නාදුනන පිරිමි මල සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ට්‍රෙනි රයර් මහතා අද (20) ලිදුල පොලිසියට නියෝග කළේය.

හඳුනා නොගත් එම නාදුනන පිරිමි මල සිරුර සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාවක් සිදු කිරිමේ අනතුරුව මහේස්ත්‍රාත්වරයා ලිඳුල පොලිසියට මෙම නියෝගය කලේය.

එම රක්ෂිතය හරහා පහලට ගලා බසින ජලය වේලලක් බැද එම වතු යායට පානිය ජලය ලබා ගන්නා අතර මේ දිනවල ලිඳුල ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමගම එම රක්ෂිතය තුල වු ජල මුලාශ සුද්ද පවිත්‍ර කිරිමට ගිය වතු කම්කරුවන් පිරිසක් විසින් රක්ෂිතයේ ඇළ මාර්ගයක වැටි තිබු නාදුනන පිරිමි මල සිරුර ඊයේ (19) දැක එ පිලිබදව ලිඳුල පොලිසියට පැමිණිලි කර ඇත.

වයස අවුරුදු 25 – 30 අතර බවට සැකකරන ජිවිතක්ෂයට පත් තරුණයා දිගු කලිසමක් සහ ටි ෂර්ට් ඇද සිටි ඇති අතර ඔහු පිළිබඳව තොරතුරු වෙතොත් ලිඳුල පොලිසිය වෙත දැනුම් දෙන ලෙස සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිඳුල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

DeadBodyLidula1 670px 19 02 20

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top