Feb 20, 2019

මන්නාරම සමූහ මිනිවළේ වාර්තාව නිල වශයෙන් ලැබී නෑ Featured

 

මන්නාරම,සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි සාම්පල වල කාබන් පරීක්ෂණ කාල නීර්ණ වාර්තාව අද (20) මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සමින්ද රාජපක්ෂ මහතා මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරදුන් නමුත් අදාළ වාර්තාව නිල වශයෙන් අධිකරණය වෙත තවමත් ලැබී නොමැති බැවින් දැනට ලැබී ඇති වාර්තාව සම්බන්ධයෙන් නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බව මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා අධිකරණයේදී දැනුම්දෙනු ලැබීණ.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු විභාගය අද(20) නැවත විමසීමේදී මහේස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත්වරයා පැවසූවේ මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීන් සමින්ද රාජපක්ෂ මහතා අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති නමුත් අදාළ වාර්තාව සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මෙතෙක් අධිකරණය වෙත නොලැබි ඇති බවයි.

අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත ලැබී ඇති වාර්තාව වෛද්‍යවරයා වෙත පමණක් ලැබී ඇති අතර, අදාළ වාර්තාවේ දෘඪ පිටපතක් අධිකරණය වෙත ලැබීමට නියමිත බැවින් අදාළ වාර්තාව ලද විගස වාර්තාව සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කරන බවද මහේස්ත්‍රාත්වරයා එහිදි ප්‍රකාශ කළේය.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු විභාගය එළැඹෙන 25 වැනිදා දක්වා කල් තබන බවද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කෙරිණ.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top