Feb 20, 2019

මංගලට - රුවන්ට ඉදිරිපැය 48 තීරණාත්මකයි ! Featured

ඉදිරිපැය 48 තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදාඇති බව එම කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉවත්කර අදාළ ධූරය රුවන් විජේවර්ධන මහතාට ලබා දීමට තීන්දුකර ඇති බව ජනපති කාර්යාල ආරංචිමාර්ග වාර්තා කරයි.

අගමැතිවරයාගේ ඉල්ලීමෙන් පසුව ජනාධිපතිවරයා රුවන් විජේවර්ධන මහතා කැඳවා එම ධූරය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී එය ලබා ගැනීමට විජේවර්ධන මහතා කැමැත්ත පලකර ඇති බවද පැවසේ.

කෙසේවුවද, ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඇමතිකම ගැලපෙන්නේ “ටිකක් කටකාර සැර පරුෂ අයකුට බවත්, එය විජේවර්ධන මහතාට ගැලපෙන්නේදැයි” විමසා ඇති බවද මේ අතර වාර්තා වේ.

දෙපාර්ශවයේ එකඟතාව මත ජනපතිවරයා විසින් ජනමාධ්‍යට අයත් විශයන් විජේවර්ධන මහතාට ගැසට්ටුවකින් පවරාදී, ඉන් පසුව එම ධූරයේ දිවුරුම්දීමේ කටයුතු සිදු කිරීමට සැලැසුමක් ඇති බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්
ජනමාධ්‍ය අමාත්‍යංශය රුවන් යටතට : දිව්රුම්දීම අද හෙටම !

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top