Feb 22, 2019

රන්ජන්ගේ කොකේන් ලයිස්තුව CID යට ! Featured

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරු පිළිබඳව හෙළිදරව් කර එම චෝදනා ඔප්පු කිරීමට නොහැකි වුවහොත්, රන්ජන් රාමනායක මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ චෝදනාව පිළිබඳව සෙවීමට එජාප නායකයා, ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.

අද (22) රාමනායක මහතා ව එම කමිටුව හමුවට ගෙන්වා ඇති බවද මේ අතර වාර්තා වේ.

අදාළ කමිටු වාර්තාව ලබන සඳුදා නිකුත් කිරීමට නියමිත ය.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා පවසන්නේ එම මැති ඇමතිවරුන්ගේ ලයිස්තුව කතානායකවරයාට ඉදිරිපත් කිරීමෙන් පලක් නොවන බවත්, එබැවින් එම ලයිස්තුව ලියාපදිංචි තැපෑලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බවයි.

මූලාශ්‍රය - රාවය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top