Feb 22, 2019

විදුහල්පතිවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර යුතුයි

දකුණ පළමු වසරට දරුවන් ඇතුලත් කර ගැනීමේ දී අල්ලස් ගැනීම අතින් ලංකාවේ ප්‍රථම ස්ථාන 03 අතර සිටින බවත්, දකුණේ සියලු විදුහල්පතිවරුන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර යුතු බවත් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,

"මේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් දිගින් දිගටම ඉදිරියේ දී වැටලීම් සිදුවේවි. ඒ නිසා මම කියන්න කැමතියි විශේෂයෙන්ම දකුණේ බලධාරීන්ට මේ වගේ දේවල් සිදුකරන්න එපා. ඉදිරියටත් වැටලීම් නිරන්තරයෙන් වේවි කියලා. අද වන විට සමහර පාසල් වල පලමු වසරේ දරුවන් පාසලට එනවා පාසලට ඇතුලත් කර ගන්නේ නැතිව. ඒ කියන්නේ රෙජිස්ටරයේ නම නැතිව එන දරුවන් ඉන්නවා. මේ අය පාසලට ගන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා".

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top