Feb 22, 2019

වතුකරයේ දරුවන්ට එන්.සී විකිණූ අයෙක් අත්අඩංගුවට (ඡායා)

එන්.සී නමැති මත්ද්‍රව්‍ය කිලෝ 7 ග්රුම් 500 සමග සැකකරුවෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (22) උදෑසන සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවෙන් මේ රටට නීතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සී නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉල්ක්ක කර ගනිමින් අලෙවි කිරිම සඳහා සැකකරු කොළඹ ප්‍රදේශයෙන් රැගෙන විත් හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රහසිගතව සඟවා තිබියදී හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරික්ෂා කර මෙම මත්ද්‍රව්‍යය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ග්රෑම් 10 බැගින් කුඩා ටින්වල අසුරා ටින් 25 බැගින් මත්ද්‍රව්‍යය ටින් 750 ක් කුඩා පෙට්ටි 30 ක අසුරා තිබුණි.

ග්රුම් 10 බැගින් වූ එක් මත්ද්‍රව්‍ය ටින් එකක් පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බව මෙම වැටලීම සිදු කළ හැටන් කොට්ඨාශ බාර දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටී.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් ද්‍රව්‍යය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

NC1 670px 19 02 22

NC2 670px 19 02 22

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top