Feb 22, 2019

කෝටි 8ක මත්ද්‍රව්‍ය පෝරුතොටින් අල්ලයි

රුපියල් කෝටි 08 ක වටිනාකමින් යුතු හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුව පෝරුතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගය මෝටර් ර‍ථයකින් ප්‍රවාහනය කරමින් සිටිය‍දී මීගමුව, කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මඟින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ මෝටර් ර‍ථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 865 ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 814 ක් පොලිසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි අයෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු ලෙස කටයුතු කර ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පැවසීය.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top