Feb 22, 2019

මංගලගෙන් ජනමාධ්‍ය කැපෙයි.. රුවන් 7 ට දිව්රුම් දෙයි

මෙතෙක් කලක් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා එම ධුරයෙන් ඉවත් කර නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත්කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව විජේවර්ධන මහතා අද රාත්‍රී 7.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා ඉදිරියේ දිව්රුම් දීමට නියමිත බව වාර්තාවේ. රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක - රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර ඒ මහතා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතිවරයෙකුද වේ.

ඉදිරි පැය 48 ක කාලය මංගලට සහ රුවන්ට තීරණාත්මක බව දක්වමින් මෙම පුවත පිළිබඳව ශ්‍රී ලංකා මිරර් විසින් ප්‍රථමයෙන් වාර්තා කරන ලදි.

සබැඳි පුවත්

මංගලට - රුවන්ට ඉදිරිපැය 48 තීරණාත්මකයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top