Feb 23, 2019

ජනාධිපතිවරණය කටේ තියාගෙන මහින්ද කියන කතාව ! Featured

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමා පමණක්‌ නොව රටේ සමස්‌ත ජනතාවද දැඩි කැමැත්තකින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශකර සිටියි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විධායක බලය අහෝසි කිරීම පිළිබඳව සිදු කරනු ලැබූ ප්‍රසිද්ධ ප්‍රකාශය පිළිබඳව 'දිවයින' පුවත්පත කල කරුණු විමසීමකදී හෙතෙම එබව ප්‍රකාශය කර තිබේ.

ජනාධිපති බලතල අහෝසි කිරීම පිළිබඳව තමන් මීට පෙර සාකච්ඡා කළ බවත් මෙය එහි ප්‍රතිඵලයක්‌ විය හැකි බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියි.

ජනාධිපති විධායක බලතල අහෝසි කිරීමේදී සුළු ගැටලු කීපයක්‌ ඇති වුවද ඒවා බරපතළ නොවන ගැටලු බව පවසන මහින්ද රාජපක්‍ෂ මහතා ඒවා ළඟදීම නිරාකරණය කරගන්නා බවද පවසයි.

රනිල් සමග එකඟත්වයක් !

විධායක ජනපතිධූරය අහෝසි කිරීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බවත් දෙපාර්ශවයේ නියෝජිතයින් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති බවත් 'ශ්‍රී ලංකා මිරර්' පසුගියදා අනාවරණය කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මස 23 දා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශයට පත්කර ඇත්තේ එම සාකච්ජාවල දී ගනුලැබූ තින්දුවක ප්‍රතිපලයක් ලෙස බවත් අප වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය නොහැකි අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම, 'පොහොට්ටු' පක්ෂය තුල ද බරපතල ගැටුම් මතුවෙමින් තිබෙන තාවයක් තුල මෙම විශේෂ නිවේදනය නිකුත්වීම සුවිශේෂ කාරණයකි.

සබැඳි පුවත් :

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට රනිල් - මහින්ද එක්වේ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top