Feb 23, 2019

මෛත්‍රී – මහින්ද විශේෂ හමුවේදී ගත් තීන්දු මෙන්න (වීඩියෝ) Featured

ඉදිරියේදී බිහිවන විපක්ෂ සංධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම විශේෂ සාකච්ඡාව ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.

ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සහ පොදු ජන පෙරමුණේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගී වී සිටියද මෙම රැස්වීමටද 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොතිබිණ.

ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වන පක්ෂය හා ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ හා 'පොහොට්ටුවේ' නායකයින් අතර පසුගිය මාස කිහිපයෙහි එකිනෙකට එරෙහිව දැඩි මත ප්‍රකාශ කිරීම් එළිපිටම සිදුවිය.

ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘ ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව එම පක්ෂයේ ප්‍රකාශකයකු වන, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

සබැඳි පුවත් :

පොහොට්ටුවේ ජනපති තේරීමේ රැස්වීම බැසිල් මගහැරලා !

බැසිල් ජයගනී : ශ්‍රීලනිපය පොහොට්ටුවෙන් ඡන්දෙට !

ශ්‍රීලනිපය එකතු වුනත් නැතත් 'පොහොට්ටුව' දිනනවා'' -බැසිල් 

මෛත්‍රීට අපේක්ෂකත්වය නොදුන්නොත් සන්ධාන බැහැ' - ශ්‍රීලනිප ප්‍රකාශක 

'පොහොට්ටුවට යටත් නොවීය යුතුයි'- ශ්‍රීලනිප සංවිධායකවරු කියති 

ඕනෑම ඡන්දයකට 'පොහොට්ටුවෙන්' පමණයි - ඒකමතික තීන්දුවක් 

අලුත් සන්ධානයෙන් ‘පොහොට්ටුව’ ගැලවේ ! 

'පොහොට්ටුව එක්ක ඡන්දෙට ගියොත් අපි කපෝති' - ශ්‍රීලනිප සුරැකීමේ ව්‍යාපාරය 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top