Feb 24, 2019

'සුවහසක් ජනතා ප්‍රාර්ථනය ගෝඨාභයයි' -විමල් (Video)

මීළග ජනාධිපතිවරයා විය යුත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව මෙරට සුවහසක් ජනතා ප්‍රාර්ථනය වී ඇති බවත්, එම මහජන ඉල්ලීම තමන්ද නියෝජනය කරන බවත් ජාතික නිදහස් පෙරමුණො නායක විමල් වීරවංශ මහතා පවසයි.


ශ්‍රී ලනිප හා පොහොට්ටුව අතර නව සන්ධානයක් ගොඩනගනවාට විරුද්ද පිරිසක් සිටින බවත් මැතිවරණයක් ජය ගැනීමට නම් එක් කර ගත හැකි එක් කර ගත හැකි සියළු පිරිස් එක් කර ගත යුතු බව ඔවුනට නොතේරෙන බවත් මන්ත්‍රීවරයා කියයි.

තනිව දිනන්න හැකියයි උද්දච්ච ලෙස කල්පනා කලහොත් නියමිත ජයග්‍රහණය නියමිත ලෙස නොලැබෙන බවත් විශේෂයෙන් ජනාධිපතිවරණය තනිව ජයගත හැකි යයි සිතීම සතුරාගේ උවමනාව ඉටු කිරීමක් බවත් ඔහු කියා සිටී.

විමල් විරවංශ මහතා මෙම චෝදනාව කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු 'පොහොට්ටුවේ' ප්‍රධානින් ඉලක්ක කර ගනිමිනි.


සබැඳි පුවත් :

ජනපතිට තේරෙන සත්‍ය බැසිල්ට තේරෙන්නේ නැහැ - විමල්වාදීන්ගෙන් චෝදනාවක් 

බැසිල් -විමල් ගැටුම උග්‍රවේ : බැසිල්ගේ කතාවක් විකෘති කරලා !

සුළු ජාතික ඡන්ද වලින් දිනන්න හිතන්න එපා – අමරසේකරගෙන් බැසිල්ට අවවාදයක්

විමල්ගේ වෙබ් අඩවිය බැසිල්ව විහිලුවට ගනී !

ශ්‍රීලනිපය එකතු වුනත් නැතත් 'පොහොට්ටුව' දිනනවා'' -බැසිල් 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top