OPEN

#

OPEN

#

Feb 26, 2019

''මහින්ද පැරදුනේ බැසිල් නිසා'' - විමල්වාදීන් ගෙන් චෝදනාවක් ! Featured

2015දි මහින්ද රාජපක්ෂ මහතා පරාජයකොට රට අනතුරට ලක් කිරීමට මුල්වුයේ වැඩවල කාර්යකෂමතාවය ගැන පමණක් ‌වෙහෙසවන, එහෙත් උපායමාර්ගික ඥානයක් නැති පුද්ගලයන්ගේ ‌දේශපාලන දුප්පත්කම නිසා බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි.

පුද්ගලයන්ගේ ඔලු තුල පහලවන අදහස් ක්‍රියාත්මක කිරිමේදී ඒවා රටට අහිතකර ‌ලෙස බලපාන්නේ නම් ඒම පුද්ගලයන් ඒවාට පුද්ගලිකව වගකිවයුතු බව ද ඔහු කියා සිටියි.

පොදු පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු වාමවාදී ජාතිකවාදී පක්ෂ එක කොඩියක් යටතට ගෙන, පවතින ආණ්ඩුවේ රටට හතුරු න්‍යාය පත්‍රය පරාජ කළ යුතු බවට ජාතික බලවේග විසින් ඉදිරිපත් කරන මතයට බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධ වන බවට සමාජගත වී ඇති මතය පිළිබඳ විමල් විරවංශ මහතා විසින් පවත්වා ගෙන යන පුවත් වෙබ් අඩවියක් විසින් කල විමසීමකදී වසන්ත බණ්ඩාර මහතා එබව සඳහන් කර ඇත.

එම ප්‍රශ්නයට වැඩිදුරටත් ප්‍රතිචාර දක්වන වසන්ත බණ්ඩාර මහතා, බැසිල් රාජපක්ෂ මහතා විසින් සෘජුව එවැනි මතයක් ප්‍රකාශ කරන්නට යෙදුනු බව තමා නොදන්නා නමුත් එතුමා එවැනි මතයක් දරන්නේ නම් එය සාධාරණීකරණය කිරීම සඳහා විවෘතව හේතු දැක්විය යුතු බව ද කියා සිටියි.

සබැඳි පුවත් :

'සුවහසක් ජනතා ප්‍රාර්ථනය ගෝඨාභයයි' -විමල් (Video)

'සිතල යුද්ධය කරලියට' : බැසිල්-ගම්මන්පිල එලිපිට ගැටේ (වීඩියෝ)

විමල්ට හා ගම්මන්පිලට 'පොහොට්ටුවෙන්' වාරණයක් !

ජනපතිට තේරෙන සත්‍ය බැසිල්ට තේරෙන්නේ නැහැ - විමල්වාදීන්ගෙන් චෝදනාවක් 

බැසිල් -විමල් ගැටුම උග්‍රවේ : බැසිල්ගේ කතාවක් විකෘති කරලා !

සුළු ජාතික ඡන්ද වලින් දිනන්න හිතන්න එපා – අමරසේකරගෙන් බැසිල්ට අවවාදයක්

විමල්ගේ වෙබ් අඩවිය බැසිල්ව විහිලුවට ගනී !

ශ්‍රීලනිපය එකතු වුනත් නැතත් 'පොහොට්ටුව' දිනනවා'' -බැසිල් 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top