OPEN

#

OPEN

#

Feb 26, 2019

පුරන් වු කුඹුරු අස්වද්දා අස්වැන්න ශාසනයට භාරදෙයි (ඡායා)

ගිනිගත්හේන අඹගමුව නුගේදෙණිය ප්‍රදේශයේ පුරන් වු කුඹුරුයාය වසර 7 කට පසු අස්වද්දා එහි අස්වැන්න අඹගමුව විජයබාහු පිරිවෙනට භාරදීම පෙරේදා (24) එම වෙල්යායේදී සිදු කෙරිණි.

අඹගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා විසින් එම විහාරස්ථානයේ දායක සභාව සහ ගොවි සමිතිවල සමාජිකයන් දිරි ගන්වමින් විහාරස්ථානයට අයත් අක්කර 3 ක භූමි ප්‍රමාණයක් අස්වද්දා එහි අස්වැන්න එම විහාරස්ථානයේ විහාරාධිපති උඩුගම පලාතේ අධිකරණ සංඝනායක නන්දසාර හිමියන් වෙත භාරදෙනු ලැබීය.

නුගදෙණිය කුඹුරු යාය වසර ගණනාවක් තිස්සේ පුරන් වීමට ඉඩ හැර තිබීම නිසා යළිත් එම කුඹුරුයාය අස්වැද්දීම සඳහා එම ඉඩම්වල අයිතිකරුවන් දිරි ගැන්වීමට විහාරස්ථානය සතු කුඹුරුයාය අස්වැද්දු බව හෙලප්‍රියනන්ද රාජ මහතා කියා සිටියේය.

අඹගමුව ප්‍රදේශයේ මෙවැනි පුරන් වු කුඹුරු ඉඩම් ගණවක් ඇති බවත්, එම ඉඩම් අස්වැද්දීමට ගොවි සමිති දැනුවත් කිරීමට හෙලප්‍රිය නන්ද රාජ මහතා කටයුතු කර ඇත.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

Kumburu1 670px 19 02 26

Kumburu2 670px 19 02 26

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top