Pasidol
Sathosa Ad Final Sinhala
Jan 13, 2017

'වෙනම ආණ්ඩු හැදීම' ගැන එස්.බී. කියන කතාව (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනම ආණ්ඩු පිහිටුවීමට උත්සහා දරමින් සිටින බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පළ වන විවිධ අදහස්වලට ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්විය.

වීඩියෝව බලන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top