photographic 2
Mar 04, 2019

ගෝඨා -බැසිල් ගැටුම දුරදිග යයි ! - මහනුවර වේදිකාවට ගෝඨා නැහැ !! Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව එළඹෙන 08 වනදා මහනුවර පොදු වෙළඳ සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.

ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් එම රැළියට ජනතාව ගෙන ඒමට 'පොහොට්ටු' පක්ෂයේ ඇතැමුන් කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

පොහොට්ටු පක්ෂයේ ප්‍රධානින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රසිද්ධියේ පහරදීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම තීරණයට හේතුවී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 'විමල්ට ඕන වුනාට මට ගෝඨාභය එපා'- කුමාර වෙල්ගම

මේ අතර බැසිල් වාදියකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසන්නේ, මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හා ඔහුගේ පක්ෂයේ මතය වී ඇති නමුත්, තමන් එයට කිසිඳු ලෙසකින් එකඟ නොමැති බවයි.

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බව තම අදහස යයිද ඔහු සදහන් කලේය.

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දුන්නද තවමත් ශ්‍රීලනිප සාමාජිකයෙක් යයිද ඔහු පැවසීය.

 සබැඳි පුවත් :

''ශ්‍රීලනිපය පොහොට්ටුවට එක්වෙන ලකුණු'' - කුමාර වෙල්ගම කියයි

ජනාධිපතිවරණය : 'මෛත්‍රීට පොහොට්ටුවෙන් ඉඩක් නැහැ'' - වෙල්ගම 

 

මහින්ද-ජවිපෙ සාකච්ජා ගැන ගෝඨාවාදීන් වියරුවෙන් : මහින්දටත් තර්ජනය කරයි 

 

විමල්ගේ විරෝධය මැද මහින්ද-ජවිපෙ සාකච්ඡා ලබන සතියේ 

''මහින්ද පැරදුනේ බැසිල් නිසා'' - විමල්වාදීන් ගෙන් චෝදනාවක් !

'සුවහසක් ජනතා ප්‍රාර්ථනය ගෝඨාභයයි' -විමල් (Video)

'සිතල යුද්ධය කරලියට' : බැසිල්-ගම්මන්පිල එලිපිට ගැටේ (වීඩියෝ)

විමල්ට හා ගම්මන්පිලට 'පොහොට්ටුවෙන්' වාරණයක් !

ජනපතිට තේරෙන සත්‍ය බැසිල්ට තේරෙන්නේ නැහැ - විමල්වාදීන්ගෙන් චෝදනාවක් 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top