Mar 09, 2019

ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපති අත්අඩංගුවට !

ජාතික ලොතරැයි මණ්ඩලයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියකට මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු සභාපතිවරයා වන චමින්ද අතලුවගේ ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08දා) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.


ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධීය සම්බන්ධ නඩුව කැඳවු අවස්ථාවේ එහි සභාපතිවරයා වශයෙන් සිටියදී ප්‍රචාරක දැන්වීම් පුවරු සවිකිරීමේ මුවාවෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරිම ඇතුළු වරදවල් යටතේ හිටපු සභාපති චමින්ද අතලුවගේ මහතා ඇතුළු තිදෙනා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් බවට නම් කරන බවට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් දැන්වීම් පුවරු සවි කළ බව කියන ආයතනයේ ටෙන්ඩර්හිමියා වන රෝෂාන් ප්‍රනාන්දු යන අය සහ ඔහුගේ සහායකනයා වන සමන්ත සමරවීර යන අයද සැකකරුවන් ලෙස නම් කෙරිණි.

සිද්ධියට අදාළ ටෙන්ඩර් හිමියා වන රෝෂාන් ප්‍රනාන්දු යන අය සහ ඔහුගේ සහායකයා වන සමන්ත සමරවීර යන අයවලුන්ටද විදේශ ගමන් තහනමක් පනවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චමින්ද අතලුවගේ යන සැකකරුට විදේශ ගමන් තහනමක් පනවා ඇති බවත් අනෙක් සැකකරුවන් දෙදෙනාටද විදේශ ගමන් තහනමක් පනවන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා මෙලෙස අවසර ලබා දුන්නේය.

සිද්ධියට අදාළව අධිකරණයට කරුණු දැක්වූ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේ දැන්වීම් පුවරු සවි කිරිම සඳහා ප්‍රාදේශීය සභා නගර සභා සහ නාගරික සංවර්ධන අධිකාරියට ඒවා අයත් බල ප්‍රදේශ වලට රුපියල් ලක්ෂයක බදු දීමනාවක් ගෙවන බවට ගිවිස ගෙන එම මුදල ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලබා ගෙන ඇති බවත් එම මුදල් අදාළ ආයතන වලට නොගෙවා ඔවුන් සතු කරගෙන ඇති බවත් සිදු කළ විමර්ශන අනාවරණය කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේය.

දැන්වීම් පුවරු 150ක් සවි කරන බව දැනුම් දුන්නද සවි කර තිබී ඇත්තේ දැන්වීම් පුවරු 135ක් බව සිදු කළ විමර්ශන අනාවරණය කළ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේය.

පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ මුදල් ප්‍රචාරක කටයුතු වලට බව කියමින් දේශපාලන කටයුතු සඳහා වෙනත් පුද්ගලික ආයතන වලට ලබා දීම සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදු කළ බවත් ඒ අනුව මේ පුද්ගලයන් තිදෙනා සැකකරුවන් ලෙස නම් කරන බවත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධීකරණයට කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන මැයි මස 21 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස දැනුම් දුන්නේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top