Mar 11, 2019

GSMB නිලධාරීන් ජාවාරම්වලට සම්බන්ධයි - සභාපති

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් අතලොස්සක් ද වැලි ජාවාරම්කරුවන්ට සහාය දක්වන බව එහි සභාපති අසේල ඉද්දවෙල මහතා චෝදනා කරයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යනු වැලි පස් ජාවාරමට බලපත් නිකුත් කරන ඒජන්සියක් නොවන්නේ යැයි කී හෙතෙම එම තත්ත්වයෙන් ආයතනය නිවැරැදි මාවතට අවතීර්ණ කරන්නට යෑමේදී තමාට අභ්‍යන්තර ප්‍රහාරයකට ලක්වන්නට ද සිදුව ඇතැයි අවධාරණය කළේය.


මෙසේ වැලි ජාවාරම් කරුවන්ට සහාය දක්වන්නේ ආයතනයේ අතලොස්සක පිරිසක් යැයි ද තමා ඊට යට නොවන්නේ යැයි ද ඉද්දවෙල මහතා පැවසීය.

හරිත වැලි තොටුපළ සංකල්පය පොළොන්නරුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අසාර්ථක වී ඇති බව තමා පිළිගන්නේ යැයි ද කවර බාධක පැමිණිය ද වැලි මාෆියාවට නීතියේ ඇසට වැලි ගසන්නට ඉඩ නොදෙන්නේ යැයි ද සභාපතිවරයා කීය.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා දැනුවත් කළේ යැයිද ඉද්දවෙල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්

වැලි මාෆියාව ගැන ඩඩ්ලිගෙ චෝදනා ප්‍රතික්ෂේප කරයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top