''මා නියෝජනයක කල මාතරින් ආ මංගලට මාගේ වාර්තාව කඩන්න හැකියාව ලැබේවා'' - හිටපු මුදල් ඇමති රොනී ද මැල් ''මා නියෝජනයක කල මාතරින් ආ මංගලට මාගේ වාර්තාව කඩන්න හැකියාව ලැබේවා'' - හිටපු මුදල් ඇමති රොනී ද මැල්
Mar 13, 2019

'ඛේමාගේ කොලුවාගේ' අයවැය විශිෂ්ඨයි - හිටපු මුදල් ඇමැති රොනී කියයි Featured

තම හෘද සාක්ෂියට එකඟව මෙවර අයවැය ජනතාවගේ පැත්තෙන් ගත්කළ විශිෂ්ට අයවැයක් බව හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා පැවසීය.

අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කරමින් හිටපු මුදල් ඇමැතිවරයකු ලෙස තමා මෙතෙක් තබා තිබෙන අසීරු ඓතිහාසික වාර්තාව සමකිරීමට අයවැය ලේඛන ඉදිරිපත් කිරීම තුළින් ඇමැති මංගල සමරවීර මහතාට හැකියාව ලැබේයැයි තම අපේක්ෂාව බව හිටපු ඇමැති රොනී ද මැල් මහතා අවධාරණය කෙළේය.

දුෂ්කරතා අභියෝග රැසක් මැද රටේ අනාගතය අභිවෘද්ධිය සහ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙවර ඉදිරිපත් කෙළේ සුබවාදී අයවැයක් බවත් එමනිසා මෙවර අයවැය ලේඛනය දෙස වපර ඇසින් බැලීම නුසුදුසු ක්‍රියාවක් බව හිටපු ඇමැති රොනී ද මැල් මහතා තරයේම ප්‍රකාශ කෙළේය.

තමා නියෝජනය කරනු ලබන මාතර දිස්ත්‍රික්කයේම ඇමැතිවරයකු වන මංගල සමරවීර මහතාට තම වාර්තාව සම කිරීමට හැකියාව ලැබේවා යැයි සඳහන් කරමින් හිටපු ඇමැති රොනී ද මැල් මහතා පෙන්වා දුන්නේ තම වාර්තාව සම කිරීමට හිටපු ජනාධිපති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව නොලැබුණ බවයි.

(දිනමිණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top