Mar 14, 2019

ශල්‍යකර්මයේදී දොස්තර හෙදියට පහරදීලා

කුරුණෑගල මහ රෝහලෙහි ශල්‍යාගාරයක් තුල ශල්‍යකර්මයක් සිදු කෙරෙමින් තිබියදී එහි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔහු සමඟ ශල්‍යකර්මයේ යෙදී සිටි හෙද නිලධාරිනියකට “බෝන් කටර්” නමැති උපකරණයෙන් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම හෙදියගේ හිසට තුවාල සිදු වීමෙන් ඇය එම රෝහලෙහිම ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

පෙරේදා (12) සවස සිදුව ඇති මෙම පහරදීම සිදුව ඇති අතර එයින් තුවාල ලබා ඇත්තේ මාධවී රාජගුරු නමැති හෙද නිලධාරිනියකි. වන අතර පහර දීම නිසා අයගේ හිසට සිදුවූ තුවාල සදහා ශල්‍යකර්මයක් සිදු කල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

ශල්‍යකර්මය සිදු කෙරෙමින් තිබෙන අතරතුර වෛද්‍යවරයා විසින් මෙම බෝන් කටර් නමැති උපකරණය භාවිතා කිරීමෙන් පසුව එය රෝගියාගේ ඇඳ මත තබා ඇත. පසුව එය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට හෙදියට දැනුම් දී ඇති අතර ඇය එම උපකරණය රැගෙන තමා අතෙහිවූ බන්දේසිය මත තබා ගත බවත් එම ක්‍රියාවට උරණවූ වෛද්‍යවරයා විසින් එකී උපකරණම රැගෙන තමාගේ හිසට පහර එල්ල කල බවත් සිද්දියෙන් තුවාල ලැබූ හෙදිය පවසයි.

මෙම පාවිච්චි කරන ලද උපකරණයෙන් ගැසීම හේතුවෙන් ඇයටද රෝග ආසාදනයක් ඇති වීමේ අවධානමක්ද තිබෙන්නට පුළුවන.

වෛද්‍යවරයාගේ ආවේගශීලී ම්ලේච්ඡ මෙම පහරදීමට විරෝධය පළකරමින් ඊයේ පෙරවරුවේ කුරුණෑගල මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය සිය රාජකාරි වලින් බැහැරව විරෝධතාවකයක ද නිරත විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top