Mar 14, 2019

සෙනසුරාදාටත් රියදුරු බලපත්‍ර ලබාදෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දී තිබේ.

එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙනි. ඒ අනුව සතියේ දිනවලදී මෙන් මින් ඉදිරියට සෙනසුරාදා දිනයන්හිදීද රියදුරු බලපත්‍ර සේවා එම කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදා වේ.

රියදුරු බලපත්‍ අලුත්කර ගැනීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ඉල්ලුම් පත්‍ර භාර ගැනීම සහ රියදුරු බලපත්‍ර පරීක්ෂණ වැනි සේවාවන් ඊට අයත් වේ.

මීට සමගාමීව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලයද ලබන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදිනකම විවෘතව තැබෙනු ඇත. එම කාර්යාවලින් සතියේ දිනවලදී‍ මෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම සිදු කෙරෙනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top