Mar 14, 2019

SLIATE මහපොළ ඉහළ යයි

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE)  සිසුන් වෙත ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව එම ආයතනයේ සිසුන් වෙත මාසිකව ගෙවූ රුපියල් 1500ක් වන මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
 
නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
 
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය තාක්ෂණ අධ්‍යාපන පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රධානය කිරිම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ප්‍රමුඛතම ආයතනයකි. එහි ප්‍රාදේශීය මධ්‍යස්ථාන 19ක සිසුන් 20,000කට අධික පිරිසක් ඉගෙනුම ලබයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top