Mar 14, 2019

'ජනාධිපති අපේක්‍ෂකයා මෛත්‍රී වුනත් ප්‍රශ්නයක් නැහැ' - බැසිල් කියයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කලද ප්‍රශ්ණයක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

‘ගම සමග පිලිසදරක්’ නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කරමින් ඇති එම පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශණය ගැන දැනුවත් කිරීමට එම මූලස්ථානයේදී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව අවධාරණය කර සිටියේය.

එම ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ වරයෙක් නොවන කෙනෙක් නම් කලද එම අපේක්‍ෂකයා වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් යයිද බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී පැවසීය.

කෙසේ වෙතත් අපේක්‍ෂකයා කවුරුන් වුවද ඔහු එම ජනාධිපතිවරණය ජයගත හැකි පුද්ගලයෙක් විය යුතු යයිද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වන නව සන්ධානයක් සම්බන්ධයෙන් නිල වශයෙන් වන සාකච්චා අද දිනයේ දෙපාර්ශවයේ නියෝජිතයන් අතර සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top