Mar 14, 2019

අසනීපෙන් සිටි දරුවාට බරපතල ලිංගික අපයෝජනයක්

සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන එකොලොස් හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කල හැට හය වියැති පුද්ගලයකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විසින් වින්දිත දරුවා ඇස් අමාරුවක් සැදී පාසල් නොගොස් නිවසේ සිටින අවස්ථාවෙදී බලහත්කාරයෙන් සැකකරුගේ නිවස වෙත රැගෙන ගොස් මෙම අපයෝජනය සිදු කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව සැක සිතූ ප්‍රදේශවාසීන් විසින් සෙවනගල පොලිසියට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර පසුව සෙවනගල පොලිස් නිලධාරීන් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි හැටහය වියැති පුද්ගලයකු වන අතර සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කට ඇති අතර සෙවනගල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

ආච්චීට හදි කරන්න කොළු ගැටයෙක් ඇවිත්

මේ අතර නිවිතිගල ගැටනිගවත්ත ප්‍රදේශයේ නිවසක පිටුපස දොර කඩා ඊට ඇතුළු වූ තරුණයකු විදුලි පහන් නිවා දමා එහි පදිංචි අසූහත් හැවිරිදි මහලු කාන්තාවකට අතවර කිරීමට තැත් කොට ඇතැයි නිවිතිගල පොලිසිය පවසයි.

නිවසේ තනියම ජීවත්වන මෙම කාන්තාව රාත්‍රි 7.00 ට පමණ නිදාගෙන සිටියදී මෙසේ ගෙට ඇතුළු වූ පුද්ගලයා ඇයට ලිංගික අතවර කිරීමට යාමේදී ඇය විසින් කෑගැසීම හේතුවෙන් අවට පිරිස්‌ පැමිණ ඇත. එවිට පුද්ගලයා පැනගොස්‌ ඇති අතර 24 හැවිරිදි තරුණයකු මේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගෙන සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස්‌ පරීක්‌ෂණ පවත්වයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නියෝජ්‍ය විදුහල්පති නවාතැන්දී දැරිය දැලේ එළයි

අඟුණකොළපෑලැස්ස රන්න ප‍්‍රදේශයේ විද්‍යාලයක 8 වසරේ ඉගෙනුම ලබමින් සිටි දැරියක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේම නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අඟුණකොළපෑලැස්ස පොලිසිය මගින් ඊයේ (13 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපෑලැස්ස නගරයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු විවාහයෙන් වෙන්ව සිටින අයකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අපයෝජනයට ලක්ව ඇත්තේ සුරියවැව අන්දරවැව ප‍්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි බාලවයස්කාර දැරියකි.

අතවරයට පත් දැරියගේ පියා හා මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා අතර කලක සිට තිබූ මිතුදමක ප‍්‍රතිඵලයක් ලෙස මීට මාස එක හමාරකට පමණ පෙර දැරිය මෙම පාසලට ඇතුළත් කර ඇති අතර දැරියට නවාතැන් ලබා දී ඇත්තේද අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයාට අයත් ස්ථානයක උඩු මහලකය.

අඟුණකොළපෑලැස්ස පොලිසියට ලද නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව දැරිය ගෙන්වා සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. දැරිය ගෙවුණු මසක කාලය තුළදී විටින් විට මෙම සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය අනාවරණය කර ගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු 14 දින අඟුණකොළපෑලැස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top