Mar 14, 2019

සිරිපා කරුණා කළ කාම්බෝජ හිමි නම අපවත් වෙයි

කාම්බෝජයෙන් මෙරටට වැඩම කළ හිමි නමක් දික්ඔය මුලික රෝහලේදී ඊයේ (13) පස්වරුවේ අපවත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

මෙසේ අපවත් වී ඇත්තේ සැම්රොන් ඩාන් 90 හැවිරිදි හිමි නමකි.

කාම්බෝජයෙන් පසුගිය දා මෙරටට වැඩම කළ සංඝරත්නය සමඟ අපවත් වී වදාල සැම්රොන් ඩාන් හිමි නමද වැඩම කර ඉකුත් 9 වෙනිදා ශ්‍රී පාදස්ථානය වැඩ පුදාගෙන ආපසු කොළඹ දක්වා යන අතරතුර හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ දික්ඔය මුලික රෝහල වෙත ඊයේ රාත්‍රි ගොස් අපවත් වු කාම්බෝජ හිමි නමගේ දේහයට අවසන් ගෞරවය දක්වා ඇත.

අපවත්වී වදාල කාම්බෝජ හිමි නමගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේදී ඊයේ සිදු කර ඇති අතර දේහය කාම්බෝජ තානාධිපති කාර්යයාලය වෙත භාරදීමට කටයුතු කර ඇති බව නල්ලතන්නිය පොලිසිය වැඩිදුරටත් කියා සිටී

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top