Mar 14, 2019

මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් 2ක් මරුට !

මොරටුව, මොරටුමුල්ල පිළියන්දල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත.

මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට අද (14) උදෑසන 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ නිවස ඉදිරිපිට සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා පලාගොස් ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බස් රථ හිමිකරුවෙකු, ඔහුගේ පුත්‍රයා සහ පුත්‍රයාගේ මිතුරෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එහිදී 55 හැවිරිදි බස් රථ හිමිකරු හා ඔහුගේ පුත්‍රයාගේ මිතුරා වන 27 හැවිරිදි තරුණයා මියගොස් ඇත.

මෙම වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බව සඳහන්ය.

වෙඩි තැබිම සිදු කළ එක් සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුමුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top