Mar 14, 2019

රනිල් ගිය පාරේ මහින්දත් යයි

අගමැති ධුරයේ කටයුතු සහ කැබිනට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය අභියෝගයකට ලක් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගොනුකළ අභියාචනා පෙත්සම් ඔවුන් විසින් ශ්‍රේ්ෂ්ඨාධිකරණයේදී අද (14දා) ඉල්ලා අස්කර ගනු ලැබීය.

අදාළ අභියාචනා පෙත්සම් වල වගඋත්තරකරුවන් වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම්ද ඔවුන් විසින් අභියාචනාධිකරණය හමුවේ දී ඉල්ලා අස්කරගත් බැවින්,මෙම අභියාචනා පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටියේය.

අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබියදී, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එම පෙත්සම් ඉල්ලා අස් කර ගත්හ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top