Mar 15, 2019

FCID මුල් පුටුවත් CID ලොක්කට

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පැවරීමට පොලිස් කොමිෂන් සභාව ඊයේ (14) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි.

මීට පෙර එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාය. විශ්‍රාම ගැනීමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත සිටි ඒ මහතාගේ සේවා කාලය පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් කරනු ලැබීය.


ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතටම පැවරීමට පොලිස් කොමිසම තීන්දු කළේය.

මීට පෙර රවී වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම ගොස් යළි කොන්ත්‍රාත් පදනම මත සේවයට එක්වන තෙක් කෙටි කාලයක් රවී සෙනවිරත්න මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරව කටයුතු කළේය.

(ලංකාදීප)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top