Mar 15, 2019

රාජ්‍ය ආයතන පරිශ‍්‍ර තුළ බුලත්විට තහනම්

රාජ්‍ය ආයතන පරිශ‍්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ‍්‍රිත නිෂ්පාදන භාවිතය හා විකිණීම තහනම් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

බුලත්විට, දුම්කොළ හා පුවක් ආශ‍්‍රිත නිෂ්පාදන හේතුවෙන් මුඛ පිළිකා වැළඳීමට ඇති අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා අතර ඒ අනුව රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල හා එම ආයතන වෙත පැමිණෙන ජනතාවට ද මෙම තහනම බලපැවැත්වෙනු ඇත.

මෙම තහනමට අදාළ විධිවිධාන සැලසීම සඳහා රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් එම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරනු ලැබීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top