Pasidol
Sathosa Ad Final Sinhala
Jan 15, 2017

'ලංකාව ආරක්ෂාකාරීයි' - තරුණියක් දිරිය ගමනක

තරුණියකට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක තනිව ආරක්ෂාකාරීව ගමන් කළ හැකි බව ඔප්පු කිරීමේ අරමුණින් රටවටා පා ගමනක යෙදෙන බව දේවිකා කාසිචෙට්ටි පවසන්නීය.

පසුගිය ජනවාරි 10 වැනිදා කතරගම කිරිවෙහෙර අබියසින් තම සංචාරය ආරම්භ කළ ඇය ශ්‍රී ලංකාව වටා කිලෝමිටර් 1268 ක් තනිව පා ගමනේ යෙදීමට බලාපොරොත්තුවෙයි.

කතරගම, ගාල්ල, කොළඹ, පුත්තලම, යාපනය, මඩකලපුව ඔස්සේ ඇගේ ගමන් මාර්ගය වැටී ඇත.

දිනකට කිලෝමීටර් 20-25 අතර දුරක් ගමන් කරන ඇය කිලෝමීටර් 100 බැගින් වූ අදියර 13 කින් සිය පා ගමන නිම කිරීමට බලාපොරොත්තුවන බව කියා සිටියේය.

සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කළ තමන් එයින් උපයා ගත් වැටුප යොදා ගනිමින් මෙලෙස පා ගමනේ යෙදෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top