Mar 15, 2019

හෙට සිට සතියක් බෞද්ධ කොඩිය ඔසවා තබන්න

 
“ත්‍රිපිටකාභිවන්දනා” වන්දනා සතිය වෙනුවෙන්  මෙම මස 16 සිට 23 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත් වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් තමන් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන්  “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ඊයේ (14) සහභාගී වෙමිනි.
 
ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා සෙසු අමාත්‍යංශ ඒකාබද්ධ වී “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ක්‍රියාත්මක කෙරේ.
 
මාර්තු 17 වන දිනය තුළදී දිවයින පුරා දහම් පාසල් ගොඩනැගිලි නොමැතිව ගස් යට දහම් අධ්‍යාපනය ලබන දු දරුවන් වෙනුවෙන් තෝරාගනු ලැබූ විහාරස්ථාන 226ක දහම් පාසල් ශාලා ඉදිකිරීම ආරම්භ කරන බවත්, එක් දහම් පාසල් ශාලාවක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 33 වැයවන බවත්  අමාත්‍යවරයා එහිදී පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top