Mar 15, 2019

ආනල්ඩ්ට නැවත LPL අධ්‍යක්ෂ තැනට : අද වැඩ බාරගනියි ! Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යළි ආරම්භ කිරීමට නියමිත ලංකන් ප්‍රිමියර් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ (LPL) අධ්‍යක්ෂවරයා ලෙස ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනෝල්ඩ් මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

ඔහු අද (15) සිට අදාළ ධූරයේ වැඩ අද සිට ආරම්භ කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

රසල්ඩ්ට මේ සඳහා ඇමරිකානු ඩොලර් 10,000ක දීමනාවක් ගෙවන බවද පැවසේ.

මේ තරගාවලිය පැවැත්වීම කල්යමින් තිබෙන්නේ පසුගිය වසරේ සිටය. මෙය ඉකුත් වසරේ අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

එවර එහි තරගාවලි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලැබුවේද රසල් ආර්නල්ඩ් මහතාය.

පසුගිය වසරේ ජුලි 06 වැනිදා රසල්ගෙ නිල ට්විටර් (twitter) ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කළ ආර්නල්ඩ් මහතා LPL තරගාවලිය දින නියමයක් නොමැතිව කල්ගිය පුවත පහත පරිදි තහවුරු කර තිබිණි.

 

කෙසේවුවද, එම තරගාවලිය කල් යනවිට ඔහුට මසකට ඇමරිකානු ඩොලර් 10,000 බැගින් මාස තුනක් ගෙවා තිබිණි.

(මිරර් ගේම්ස්)

සබැඳි පුවත්

SLPL කල් යයි : රසල්ගේ රැකියාවටත් කොට උඩ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top