Mar 15, 2019

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට පත්වෙයි

මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී ඊයේ (14) රාත්‍රීයේ සිදුවූ මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් මන්ත්‍රීවරයා තුවාල ලබා හලාවත මහරෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

නුවන් සංජීව මෙන්ඩිස් නමැති 45 හැවිරිදි ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top